220 views 0 secs 0 comments

ආරාධනා ලැබුණොත් ජනාධිපතිකම භාර ගන්න සූදානම් – සරත් ෆොන්සේකා

In Local News, Politics
July 15, 2022

සමගි ජන බලවේගයේ සභාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පක්ෂයේ එකඟතාවය ඇතිව පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රී සංඛ්‍යාවකින් ආරාධනා ලැබුණහොත් ජනාධිපති ධුරය බාරගැනීමට සූදානම් බව ප්‍රකාශ කර සිටියා.

මේ වන විටත් අගමැති ධුරය බාරගන්නා ලෙසට පොහොට්ටුව පාර්ශවයෙන් තමන්ට ආරාධනා ලැබෙමින් තිබෙන බවයි සරත් ෆොන්සේකා සඳහන් කර සිටියා.

යුද්ධයට නායකත්වය දීමේ දී ද තමන්ට නොයෙකුත් අභියෝගය එල්ල වූ බවද, රට වෙනුවෙන් අභියෝග භාරගැනීමට තමන් පසුබට නොවන බවත්, කෙසේ වුවද තමන්ට රට වෙනුවෙන් වගකීම් බාර දෙන්නේ නම් අරගලයේ නිරත මහජනතාවගේ අරමුණ ජයග්‍රහණය කර, රට ජයග්‍රහණය කිරීමට කටයුතු කරන බවයි ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා වැඩිදුරටත් සඳහන් කළේ.