191 views 0 secs 0 comments

නව ජනපති තේරීම 20 වැනිදා…..

In Local News
July 15, 2022

අද (15) පැවති පක්ෂ නායක රැස්වීමේදී ලබන 20 වනදා නව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව තුළින් තෝරා ගැනීමට තීරණය කර ඇති බව කතානායකවරයා නිවේදනය කර සිටියා. ඒ අනුව හෙට (16) පාර්ලිමේන්තුව රැස්වන අතර ජනාධිපතිධුරයේ පුරප්පාඩුවක් පවතින බව හෙට පාර්ලිමේන්තුවට නිවේදනය කිරීමට නියමිතයි.

පෙර තීරණය කළ පරිදි නාම යෝජනා කැදවීම ලබන 19 වැනිදා සිදු කර ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම 20 වැනිදා සිදු කිරීමට නියමිතව තිබෙනවා.

ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ මෙම ක්‍රියාවලිය නෛතික ප්‍රතිපාදන අනුව කිසිඳු බාධාවකින් තොරව කඩිනමින් සිදු කිරීම සදහා සියලු පාර්ශවයන්ගේ සහයෝගය අපේක්ෂා කරන බවයි කතානායකවරයා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.