මාධ්‍යවේදීන්ට සහ මාධ්‍ය ආයතනවලට අදාළ වන දැනට පවතින නීති සංශෝධන කිරීම සඳහාත් එම විෂය සම්බන්ධයෙන් ප්‍රතිපත්ති සහ ආචාර ධර්ම සකස් කිරීම සඳහාත් කමිටුවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.නීති, ජාත්‍යන්තර නීති, ජාතික හා ජාත්‍යන්තර මාධ්‍ය ආයතනවල ක්‍රියාකාරිත්වය මෙන්ම සමාජ හා සංස්කෘතික අනන්‍යතා පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරමින් ශ්‍රී ලංකාවේ මාධ්‍ය ප්‍රතිපත්තියක් සකස් කිරීමට මේ වනවිට අවධානය යොමුව ඇති බව රජය පෙන්වා දෙයි. මෙම කමිටුව මාධ්‍ය, අලෙවිකරණය, අධ්‍යාපනය, නීතිය, පරිපාලනය සහ ආර්ථිකය වැනි ක්ෂේත්‍රවල පළපුරුද්ද ඇති පුද්ගලයින්ගෙන් සමන්විත වේ