
මන්නාරම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට එරෙහිව ලැබුණු පැමිණිල්ලකට අනුව සිදුකළ පරීක්ෂණයකින් අනතුරුව මන්නාරම ප්‍රාදේශීය සභාවේ සභාපති සාහුල් හමීඩ් මොහොමඩ් මුජාහිර් මහතාව හෙට (14) දිනයේ සිට ක්‍රියාත්මක වනපරිදි එම ධුරයෙන් පහකර තිබේ.
නිලබලය අනිසි ලෙස සහ වැරදි ලෙස භාවිත කිරීමේ චෝදනාව මත උතුරු පළාත් ආණ්ඩුකාරවරිය විසින් මෙම තීරණය ගෙන ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.