
අනෙකුත් ගමනාන්තවල සිට කොළඹ දක්වා ධාවනය කෙරෙන දුම්රිය සේවා හෙට (09) දිනයේ ක්‍රියාත්මක නොවන බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියා.
මේ අතර අද (08) රාත්‍රී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය සඳහන් කළේ, කිසිඳු දුම්රිය වර්ජනයක් මේ මොහොතේ ක්‍රියාත්මක නොවන බවත් දුම්රිය අවලංගුවීමක් සිදුවුවහොත් එය සිදුවන්නේ දෙපාර්තමේන්තු ප්‍රධානීන් හේතුවෙන් බවයි.