
තෙදින නිල සංචාරයක නිරත ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර විශේෂ හමුවක් ඊයේ(07) සිදු වූ අතර එහිදී දිගු කලක් තිස්සේ දෙරටෙහි පවත්නා ඓතිහාසික සම්බන්ධතාවය පිළිබඳව ද දෙපාර්ශවය අදහස් හුවමාරු කරගනු ලැබීය.
සුව සැරිය උදෙසා ලබා දුන් සහය පිළිබඳව ද, “මෝඩි” ගම්මානය පිලිබදව ද සිහිපත් කරමින් ඊට ස්තුතිවන්ත වූ සජිත් ප්‍රේමදාස මහතා මෙරට ජනතාව වෙනුවෙන් පසුගිය වකවානුවේ නිවාස ඉදිකිරීම උදෙසා ඉන්දිය රජය ලබා දුන් අනුග්‍රහය පිළිබඳවද ඉන්දිය රජයට කෘතවේදීත්වය පුද කරන ලදී.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ඉන්දියාවේ නිල සංචාරයක් සදහා ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා විශේෂ ආරාධනාවක්ද කළේය.