1017 views 0 secs 0 comments

වොෂින්ටන් නුවර කලහකාරි තත්ත්වයෙන් 4ක් මරුට…

In World News
January 07, 2021

අමෙරිකාවේ වොෂින්ටන් නුවර කැපිටල් ගොඩනැගිල්ල හෙවත් කොංග්‍රස් මණ්ඩල ගොඩනැගිල්ල ආශ්‍රිතව හටගත් කලහකාරි තත්ත්වයේදී
සිදුවූ වෙඩිතැබීම්වලින් පුද්ගලයින් සිව් දෙනෙකු මියගොස් තිබේ.

හිටපු ගුවන් හමුදා නිලධාරිනියක්, විරෝධතාකරුවන් පාලනය කිරීමට පොලීසිය සිදුකළ වෙඩි පහරින් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මේ වනවිට වොෂින්ටන් අගනුවරට දින 15ක හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ. ඒ ජනාධිපතිවරණ ප්‍රතිඵලයට විරෝධය පළ කරමින් උද්ඝෝෂණයේ නිරත වූ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආධාරකරුවන් කැපිටල් ගොඩනැගිල්ලට කඩාවැදීමත් සමග ඇති වූ නොසන්සුන්කාරි තත්ත්වය හේතුවෙනි. නව ජනාධිපතිවරයා ලෙස තේරී පත් වු ජෝ බයිඩ්න් ජනාධිපති ධුරයේ දිවුරුම් දීමට නියමිත ජනවාරි මස 21 වන දින දක්වා බලපැවැත්වෙන පරිදි මෙම හදිසි තත්ත්වය ප්‍රකාශයට පත් කර ඇත.