අද (23) පෙරවරුවේ කැබිනට් අමාත්‍ය ධුර 03ක් සඳහා පත් කෙරුණු අමාත්‍යවරු ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.
ඒ අනුව කෙහෙළිය රඹුක්වැල්ල මහතා පරිසර අමාත්‍යවරයා ලෙස ද, මහින්ද අමරවීර මහතා ඔහු හොඹවන කෘෂිකර්ම අමාත්‍ය ධුරයට අමතරව වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා ලෙස ද, වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස ද පත් කර තිබේ.
වෛද්‍ය රමේෂ් පතිරණ මහතා හොඹවන කර්මාන්ත අමාත්‍ය ධුරයට අමතරව ඔහු සෞඛ්‍ය අමාත්‍ය ධුරයටද පත් කර තිබෙන අතර දැනට මුදල් රාජ්‍ය අමාත්‍ය ධුරයේ කටයුතු කරන රංජිත් සියඹලාපිටිය මහතා රාජ්‍ය වැවිලි ව්‍යවසාය ප්‍රතිසංස්කරණ කැබිනට් නොවන අමාත්‍යවරයා ලෙස පත් කර ඇත.



