
නිරෝධායන ඇඳිරි නීතිය සැප්තැම්බර් 06 දා අලුයම 4.00 දක්වා දීර්ඝ කිරීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව අත්‍යවශ්‍ය සේවාවන්හි කටයුතු සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේය. තවද, නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කාලය තුළ සේවයට වාර්තා කිරීමට අවශ්‍ය අයට අවසර දෙන බව එතුමා සඳහන් කළේය.