160 views 2 secs 0 comments

වැඩ බලන නව අමාත්‍යවරුන්..

In Local News
September 18, 2022

ජනපති රනිල් වික්‍රමසිංහ මහතා දෙවියනේ බැහැරව සිටින කාලසීමාව තුළ දී එතුමා යටතේ පවතින අමාත්‍යාංශවල රාජ්‍ය අමාත්‍යවරුන්ට වැඩ බලන අමාත්ය ධූරයන්හි වගකීම් පවරා තිබෙන බව වාර්තා වෙයි.

ඒ අනුව,
වැඩ බලන ආරක්ෂක අමාත්‍යංශවරයා – ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්
වැඩබලන මුදල් ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා – රංජිත් සියඹලාපිටිය
වැඩබලන කාන්තා ලමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම අමාත්‍යවරිය – ගීතා කුමාරසිංහ මහත්මිය
වැඩබලන තාක්ෂණ අමාත්‍යවරයා – කනක හේරත් මහතා
වැඩබලන ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා – දිලුම් අමුණුගම මහතා
පත්කර තිබේ.

හෙට (19) ලන්ඩන් හි පැවැත්වෙන එලිසබත් රැජිනගේ අවමංගල උත්සවය සඳහා සහභාගි වන ජනපතිවරයා ලබන බදාදා නැවත දිවයිනට පැමිණීමට නියමිතය.