606 views 0 secs 0 comments

කසකස්තාන් අගනුවර නම යළි වෙනස් වෙයි…

In World News
September 18, 2022

කසකස්ථානයේ අගනුවර “අස්තානා” ලෙස වෙනස් කර තිබේ.

බලයෙන් ඉවත් වුණු නූර්සුල්තාන් නසර්බයෙව් විසින් මීට පෙර එම නුවර, නූර්-සුල්තාන් ලෙස වෙනස් කර තිබිණු අතර, ඊයේ (17) විශේෂ පනතක් අත්සන් කරමින් අගනගරයේ පැරණි නම වහාම ක්‍රියාත්මක වන පරිදි යළි නීතිගත කිරීමට එරට නව ජනපති කාසීම් ජෝර්මාට් ටොකයෙව් කටයුතු කර තිබුණි. ඒ සමගම කසකස්තානයේ ජනපති ධූර කාලය අවුරුදු 7කට සීමා කරමින් නීතියක්ද සම්මත කර තිබෙන බව වාර්තා වේ.