187 views 1 sec 0 comments

අල්කයිඩා නායක අයිමන් මරුට..

In World News
August 02, 2022

පසුගිය ඉරිදා ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවරදී Cඓඇ සංවිධානය විසින් සිදු කරන ලද ත්‍රස්ත විරෝධී මෙහෙයුමකදී අල්කයිඩා නායක අයිමන් අල් සවාහිරි ඝාතනය කල බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් තහවුරු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඔහු සැඟවී සිටි ආරක්ෂිත නිවස්නයේ බැලකනියට ⁣ඩ්‍රෝන යානාවක් යොදාගනිමින් සිදු කල මිසයිල ප්‍රහාරයකින් ඔහු ඝාතනය කළ බවයි අමෙරිකානු බලධාරීන් සඳහන් කරන්නේ.

2011 ඔසාමා බින් ලාඩන්ගේ මරණයෙන් පසු සවාහිරි අල්-කයිඩාව භාර ගත් අතර අමෙරිකාවට එල්ල කරන ලද 9/11 ප්‍රහාරයේ මහමොළකරුවෙකු ලෙසද සවාහිරි කටයුතු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ.