ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් මහතා, ඉන්දියාවේ සංචාරයක නිරත වන පිලිපීන ජනාධිපතිවරයා හමුවී තිබේ.
මෙම හමුව, ජනාධිපතිවරයාගේ ඉන්දියාවේ නිල සංචාරයට සමගාමීව සිදු වූ බව වාර්තා වෙයි.
මේ අතර, ජනාධිපතිවරයා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර හමුවක්ද අද (05) දිනයේදී පැවැත්වෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
පිලිපීන ජනාධිපතිවරයාගේ මෙම සංචාරය අග්‍රාමාත්‍ය මෝදිගේ ආරාධනයකට අනුව සිදුවන අතර, එහි ප්‍රධාන අරමුණ ලෙස දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සැලකේ.
