සීප්පුකුලම, තම්මැන්නාව වෙළුසුමන මහා විද්‍යාලයේ සිසු සිසුවියන්ට අද (05) දිනයේ ඔවුන්ගේ අධ්‍යාපන චාරිකාවට සමගාමීව ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරනු ලබන ‘Vision’ වැඩසටහනට සහභාගි වීමට අවස්ථාව උදා විය.
ජනාධිපති කාර්යාලය, අධ්‍යාපන අමාත්‍යාංශය සහ පාර්ලිමේන්තු ජනසන්නිවේදන අංශය එක්ව මෙය ක්‍රියාත්මක කරයි.
මෙහිදී ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රසල් අපොන්සු මහතා විසින් “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන පිළිබඳව දේශනයක් සිදු කළ අතර, පරිසර සංරක්ෂණයේ වැදගත්කම සංකේතවත් කරමින් වටිනා පැළ තිළිණයක්ද පාසල වෙත ප්‍රදානය කරන ලදී.
මෙම අවස්ථාවට ජනාධිපති කාර්යාලයේ ත්‍රිවිධ හමුදා සම්බන්ධීකරණ ඒකකයේ අධ්‍යක්ෂ එයාර් කොමදෝරු ආසිරි ගාල්ලගේ, සහකාර අධ්‍යක්ෂ මේජර් නදීක දංගොල්ල, විදුහල්පති ඩී. එම්. ජී. පී. දිසානායක සහ ගුරු මණ්ඩලය ඇතුළු පිරිසක්ද සහභාගි විය.
