286 views 0 secs 0 comments

සුපිරි ගායක KK අභාවප්‍රාප්ත වෙයි….

In World News
June 01, 2022

53 වන වියේ පසුවූ බොලිවුඩයේ සුපිරි ගායකයකු වන ක්‍රිෂ්ණකුමාර් කුන්නාත් හෙවත් KK ඊයේ (31) රාත්‍රියේ කොල්කටාහි සජීවී ප්‍රසංගයකට සහභාගි වීමෙන් පසු මියගොස් තිබෙනවා.

සජීවී ප්‍රසංගය අවසන්වී රාත්‍රී 10.30 ට පමණ තම හෝටලයට ආපසු එන විට අසනීපවී තිබෙන ඛ්ඛ්, දකුණු කොල්කටා හි පෞද්ගලික රෝහලකට රැගෙන යන අතරතුර මියගොස් ඇති බවයි එරට වෛද්‍යවරුන් සඳහන් කරන්නේ.

භාෂා ගණනාවකින් ඔහු ගීත ගයනා කර ඇති අතර හින්දි, දෙමළ, තෙළිඟු, කන්නඩ, මලයාලම්, මරාති සහ බෙංගාලි යන භාෂාවලින් ගීත පටිගත කර ඇති බවයි සඳහන් වන්නේ.