234 views 0 secs 0 comments

යුපුන් අබේකෝන් සිය දෙවන හොඳම කාලය වාර්තා කරයි…

In Sports
June 01, 2022

චෙක් ජනරජයේ පැවැත්වෙන ඔස්ට්‍රේව් ගෝල්ඩන් ස්පයික් මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර් 100 පිරිමි ඉසව්වේ 5 වැනි ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන් සමත් වුණා.

යුපුන් අබේකෝන් මෙම වාරයේ වාර්තා කළ දෙවැනි හොඳම කාලය මෙහිදී වාර්තා කල අතර එය තප්පර 10.08 ක කාලයකි.

මෙම තරඟයේදී යුපුන්ගේ ප්‍රතිවාදීන් අතර ජැමෙයිකාවේ යොහාන් බ්ලේක් සහ දකුණු අප්‍රිකාවේ අකානි සිම්බයින්ද සිටි අතර එහිදී යුපුන් අබේකෝන් යොහාන් බ්ලේක් වඩා තප්පර බින්දුවයි දශම 3 ක් පිටුපසින් තරඟය අවසන් කිරීම විශේෂත්වයක්.

මීටර් 100 පිරිමි ඉසව්වේ ජයග්‍රාහකයා වූයේ මහා බ්‍රිතාන්‍යයේ රීස් ප්‍රෙස්කොඩ් වන අතර ඔහු තරගය නිම කළේ තත්පර 9.93කින්.