Connect with us

Sports

අද ආරම්භ වූ පැරාලිම්පික්….

Published

on

පැරාලිම්පික් ක්‍රීඩා උළෙල අද (24) ජපානයේ ටෝකියෝ නුවරදී ආරම්භ වූ අතර එම උළලේ ශ්‍රී ලංකාව නියෝජනය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගණන 9කි. ටෝකියෝ පැරාලිම්පික් උළල සඳහා රටවල් 163ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 4,537 දෙනෙක් සහභාගීවීමට නියමිතය අතර එහිදී ක්‍රීඩා 22කට අදාළව පැවැත්වෙන තරග ඉසව් සංඛ්‍යාව 540කි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය 2016 රියෝ පැරාලිම්පික් උළලේදී ලෝකඩ පදක්කමක් හිමිකරගත් හෙල්ල විසිකිරීමේ ක්‍රීඩක දිනේෂ් ප්‍රියන්ත හොබවනු ඇත. F64 කාණ්ඩයේ හෙල්ල විසිකිරීමේ ඉසව්ව සඳහා චමින්ද සම්පත් හෙට්ටිආරච්චි සහභාගී වන අතර F44 කාණ්ඩයේ හෙල්ල විසිකිරීමේ ඉසව්ව සඳහා සමිත දුලාන් සහභාගීවීමට නියමිතය.මලල ක්‍රීඩක පාලිත බණ්ඩාර F42 කාණ්ඩයේ යගුලිය විසිකිරීමේ ඉසව්වෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරයි.

ටෝකියෝ පැරාලිම්පික් උළල සඳහා ශ්‍රී ලංකාවේ එකම කාන්තා නියෝජනය සනිටුහන් කරන්නේ T46/47 කාණ්ඩයේ මීටර් 100 සහ දුරපැනීමේ ඉසව්වලට සහභාගී වන කුමුදු ප්‍රියංකා ක්‍රීඩිකාවය.ඊට අමතරව T47 කාණ්ඩයේ මීටර 400 ධාවන ඉසව්ව සඳහා සමන් මදුරංග සුබසිංහ සහභාගී වේ.

පැරා විවෘත දුනුවිදීමේ ඉසව්වෙන් සම්පත් බණ්ඩාර ශ්‍රී ලංකාව නියෝජනය කරන අතර රෝදපුටු ටෙනිස් ඉසව්වෙන් සුරේෂ් රංජන් ධර්මසේන ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට නියමිතය.මේ අතර PR! කාණ්ඩයේ ඔරු පැදීමේ ඉසව්වට මහේෂ් ජයකොඩි සහභාගී වන්නේ පැරාලිම්පික් උළලකදී ඔරුපැදීමේ ඉසව්ව නියෝජනය කරන පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩකයා ලෙසය.

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Sports

IPL තරගාවලිය යළි ආරම්භ වීමට නියමිතයි – RCB සහ KKR තරගය හෙට..

Published

on

By

ඉන්දු–පාකිස්තාන ගැටුම් හේතුවෙන් තාවකාලිකව නවතා තිබූ ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගාවලිය යළි ආරම්භ වීමට නියමිතය.

මෙම අරඹුව, හෙට (17) රාත්‍රි 7ට පැවැත්වීමට නියමිත රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් (RCB) සහ කොල්කටා නයිට් රයිඩර් (KKR) කණ්ඩායම් අතර තරගයයි. මෙම තරගය පැවැත්වෙන්නේ බැංගලෝර්හිදීය.

ප්‍රසාද ලකුණු සටහන අනුව, RCB කණ්ඩායම දැනටමත් දෙවැනි ස්ථානයේ පසුවන අතර, KKR කණ්ඩායම පසුවන්නේ හයවන ස්ථානයේය.

තරගාවලිය නැවත ආරම්භ වීමත් සමඟම, අනෙක් තරග සඳහා වූ කාලසටහන්ද ඉදිරියේදී නිකුත් වීමට නියමිතය.

Continue Reading

Sports

රෝහිත් ෂර්මා ටෙස්ට් ක්‍රිකට් සිට විශ්‍රාම ගනී…

Published

on

By

ඉන්දීය ක්‍රිකට් නායක රෝහිත් ෂර්මා ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට්වලින් විශ්‍රාම ලබාගෙන ඇත. එය ඔහුගේ Instagram ගිණුමේ පණිවිඩයක් මඟින් තහවුරු කරමින්, රට වෙනුවෙන් සුදු ඇඳුමින් ක්‍රීඩා කිරීම ගෞරවයක් බවද සඳහන් කළේය.

ඔහු 67 ටෙස්ට් තරගවලදී ලකුණු 4301ක් ලබා ශතක 12ක් සහ අර්ධ ශතක 18ක් වාර්තා කර ඇත.

2024 T20 ලෝක කුසලානයෙන් පසුව ඔහු T20 ක්‍රිකට්වලින්ද විශ්‍රාම ගත්තේය. රෝහිත් තවදුරටත් එක්දින තරග සඳහා ක්‍රීඩා කරනු ඇත.

Continue Reading

Sports

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නවතම එක්දින (ODI) කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ වාර්තාව..

Published

on

By

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) නිකුත් කළ නවතම එක්දින (Oඪෛ) කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ වාර්තාව අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 4 වන ස්ථානයට පත් වී තිබේ.

පෙර තිබූ 5වැනි ස්ථානයෙන් මේ වශයෙන් තවත් ස්ථානයක් ඉහළට පැමිණීම ශ්‍රී ලංකාවට හොඳ මට්ටමක ක්‍රමවත් ක්‍රීඩාකරණයක් පෙන්නුම් කරන ලකුණකි.

මෙහි නව ශ්‍රේණිගත ක‍්‍රමය අනුව පිළිවෙලින් ඉන්දියාව, නවසීලන්තය, ඔස්ට්‍රේලියාව, ශ්‍රී ලංකාව පවති…

Continue Reading

ප්‍රවණතාවන්