229 views 0 secs 0 comments

20යි විස්ස ක්‍රිකට් කිරුළ ඔස්ට්‍රේලියාවට…

In Sports
November 14, 2021

සිය කුලුඳුල් 20යි විස්ස ලෝක කුසලාන කිරුළ දිනා ගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම අද (14) සමත් විය.

කාසියේ වාසිය දිනාගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ නායකයා සමත් වූ අතර ඔහු තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව නවසීලන්ත කණ්ඩායම ලබාදීමටය. නවසීලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 172ක් රැස් කළේය.

පිළිතුරු ඉනිම ක්‍රිඩා කළ ඔස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු 2ක් දැවී පන්දුවාර 18යි පන්දු 5ක් තුළ ලකුණු 173ක් ලබා ගනිමින් තරගය ජයගැනීමට සමත් විය.

ඒ අනුව, ඔක්තෝබර් 16 වනදා ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 16ක සහභාගීත්වයෙන් ආරම්භවු 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදීය එලෙස නිමා විය.