167 views 0 secs 0 comments

අද දිනයේදී ප්‍රදේශ රැසකට වැසි අපේක්ෂා කෙරේ

In Local News
April 04, 2023

අද අපරභාගයේදී හෝ රාත්‍රී කාලයේදී ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කිහිපයකට වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මධ්‍යම, සබරගමුව, දකුණු සහ උතුරු-මැද පළාත්වලත් ත්‍රිකුණාමලය, වවුනියාව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ට වැඩි තරමක් තද වැසි ඇති විය හැක.
මේ අතර පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළබඩ ප්‍රදේශවල උදය කාලයේදීත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට ප්‍රමාණවත් පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියි.