ශ්‍රී ලංකාවේ දේශගුණික විපර්යාස කාර්යාලය, දේශගුණික අවදානම් සංසදය (CVF) සහ පෘතුගාලයේ Nativa Capital එක්ව අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවි පවුල් 15,000කට සමෘද්ධිය සහතික කරමින් ගොවිතැන් සහ වන ආරක්ෂණ ව්‍යාපෘතියක් සඳහා එක්ව කටයුතු කිරීමට අවබෝධතා ගිවිසුමක් අද (07) කොළඹදී අත්සන් කරන ලදී. මෙම ව්‍යාපෘතිය සඳහා මුළු ආයෝජනය ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක් වන අතර සෑම ගොවි පවුලකටම ඇමෙරිකානු ඩොලර් 6,000ක් හිමි වේ.


