ඉදිරි මාස කිහිපය තුළ අමෙරිකා එක්සත් ජනපදය සිය ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා මිලියන 60ක් වෙනත් රටවලට අපනයනය කිරීමට තීරණය කර තිබේ.
කෙසේවෙතත් එරට ජනාතාව සඳහා මෙම එන්නත භාවිතයට මෙතෙක් අවසර හිමිව නොමැති බව සඳහන්ය.
එමෙන්ම ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා මිලියන 04ක් පමණ මෙක්සිකෝවට සහ කැනඩාවට ලබාදීමට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් එකඟතාව පළකර තිබේ.
මේ අතර අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමග ඊයේ පැවති දුරකථන සාකච්ඡාවකදී අමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ ඉන්දියාවට අවශ්‍ය ඔක්සිජන් ඇතුළු සෞඛ්‍ය පහසුකම් කඩිනමින් ලබාදීමට පියවරගන්නා බවය.
