2022 සිට 2023 වර්ෂ්යන්හී සංශෝධිත පනත් කෙටුම්පත් 107ක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට හැකි වූ බව අධිකරණ හා බන්ධනාගාර කටයුතු රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා ප්‍රකාශ කර සිටියා.
එමෙන්ම 2023 වර්ෂයේදී කෘෂිකර්මාන්ත හා කර්මාන්ත ක්ෂේත්‍ර සඳහා රැඳවියන්ගේ සැලකිය යුතු දායකත්වය මඟින් රුපියල් මිලියන 116ක ඒකාබද්ධ ආදායමක් ලබා ගැනීමටද හැකියාව ලැබුණු බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර සිටියා.
රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (14) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
