Connect with us

Local News

‘Celebration of women’ සහ ‘භාවනාවක ශාන්තිය’ සමඟ එක් වූ ජනපති…

Published

on

ප්‍රවීණ චිත්‍ර ශිල්පීන් දෙපළක් වන ඉරෝමි විජේවර්ධන සහ වින්ස්ටන් සුලුදාගොඩ යන මහත්ම මහත්මීන්‌ විසින් කොළඹ 07, ලයනල් වෙන්ඩට් කලාගාරයේ සංවිධානය කර තිබූ චිත්‍ර ප්‍රදර්ශන නැරඹීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (14) පස්වරුවේ එක්විය.
ඉරෝමි විජේවර්ධන මහත්මියගේ කලා දිවියට වසර 50ක් සපිරීම නිමිත්තෙන් ‘Celebration of women’ යන තේමාව ඔස්සේ චිත්‍ර ප්‍රදර්ශනය සංවිධානය කර තිබු අතර දෙස් විදෙස් චිත්‍ර ප්‍රදර්ශන පවත්වනු ලබන වින්ස්ටන් සුලුදාගොඩ මහතා තම 34 වන චිත්‍ර ප්‍රදර්ශනය ලෙස ‘භාවනාවක ශාන්තිය’ තේමාව යටතේ සිය චිත්‍ර ප්‍රදර්ශනය සංවිධානය කර තිබිණි
වසර 46ක් පුරා සිතුවම් කලා කේෂ්ත්‍රයේ නිරතව සිටින වින්ස්ටන් මහතා විදෙස් රටවල් රැසක සිය සිතුවම් සහිත ප්‍රදර්ශන පවත්වා තිබීම විශේෂත්වයකි.
එදිනෙදා ජීවන සබඳතා, ගෝලීය අර්බුද, ආගමික ජීවන රටා ඇතුළු විචිත්‍රවත් සිතුවම් රැසක් මෙම චිත්‍ර ප්‍රදර්ශනවලට එක් කර තිබිණි.
චිත්‍ර ප්‍රදර්ශන නැරඹීමට එක්ව සිටි පිරිස සමඟ සුහද කතාබහක ද නිරත වූ ජනාධිපතිවරයා සමූහ ඡායාරූප කිහිපයකට ද එක් විය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් ද සමරු තිළිණ පිළිගැන්විණි.
මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය සහ හිටපු අමාත්‍ය රවි කරුණානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක, හිටපු මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි, ආචාර්ය දයාන් ජයතිලක, සුජාන් විජේවර්ධන, ලුසිල් විජේවර්ධන, නටාලි විජේවර්ධන, මාලන් ජයවර්ධන, රෝෂිණි ගුණරත්න, ශිරානි තේනබදු, නිහාල් තේනබදු, ප්‍රවීන කලා ශිල්පී, කලාශූරී එස්. එච්. සරත් යන මහත්ම මහත්මීහු ඇතුළු ආරාධිතයන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Local News

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට…..

Published

on

By

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අද (20) පස්වරුවේ ඔහුගේ නිවසේ දී අත්අඩංගුවට ගෙන ඇත.

ගාලුමුවදොර අරගලයට පහරදීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව මෙම අත්අඩංගුව සිදුකළ බව සොයාබැලේ.

ඒ මහතා පෙර අත්අඩංගුවට ගැනීම වළක්වා ඇප මත මුදා හැරීමට ඉල්ලා අයදුම්පතක් ගොනු කළද, අද (20) කොටුව මහේස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර මහත්මිය හමුවේ එය ප්‍රතික්ෂේප කරන ලදී.

Continue Reading

Local News

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්නට අධිකරණයෙන් නොතීසි

Published

on

By

වරෙන්තු ලැබ සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ලබන 29 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වමින් අද (20) නොතීසි නිකුත් කර තිබේ.

මෙම නියෝගය නිකුත් කළේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි ජයතුංග මහත්මිය විසිනි.

අල්ලස් කොමිසම විසින් ගොනු කළ මෝසමක් සම්බන්ධයෙන් කරුණු සලකා බැලීමෙන් අනතුරුව, අපරාධ නඩු විධාන සංග්‍රහයේ 60 (1) වගන්තියට අනුව මෙම නොතීසි නිකුත් කරන ලදි.

Continue Reading

Local News

රත්නපුර මහ සමන් දේවාලයේ නව බස්නායක නිලමේවරයා සංඛ මාපිටිගම

Published

on

By

රත්නපුර මහ සමන් දේවාලයේ අභිනව බස්නායක නිලමේවරයා ලෙස සංඛ මාපිටිගම මහතා අද (20) තේරීපත් වී ඇත.

මෙය රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවති ඡන්ද විමසීමෙන් අනතුරුව සිදු විය.

Continue Reading

ප්‍රවණතාවන්