24 views 4 secs 0 comments

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය බීජිං කාන්තා නායකයින්ගේ සමුළුවට සහභාගී වෙයි…

In Local News
October 13, 2025

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, ශ්‍රී ලංකාවේ කාන්තාවන් සහ ගැහැණු ළමුන්ගේ අයිතිවාසිකම්, යහපැවැත්ම, ගෞරවය සහ සමානාත්මතාව ආරක්ෂා කිරීම සඳහා කැපවී සිටින බව පැවසීය. මහජන චීන රජයේ ආරාධනය මත අද (13) බීජිං නුවර චීන ජාතික සම්මේලන මධ්‍යස්ථානයේ පැවති 2025 කාන්තාවන් පිළිබඳ ගෝලීය නායකයින්ගේ සමුළුවේ සමාරම්භක උත්සවයට ඇග්‍රාමාත්‍යවරිය සහභාගී විය. ජනාධිපති Xi Jinping සහ ආර්යාව Peng Liyuan මහත්මිය විසින් පිළිගනු ලැබූ අග්‍රාමාත්‍යවරිය, සමුළුවේදී ශ්‍රී ලංකාවේ කාන්තාවන්ගේ සංවර්ධනය, අධ්‍යාපනය, සෞඛ්‍යය, ආර්ථිකය, දේශපාලන සහ සමාජ ක්ෂේත්‍රවල ප්‍රගතිය පිළිබඳ අදහස් ඉදිරිපත් කළා. ශ්‍රම බලකායේ කාන්තා සහභාගීත්වය, විද්‍යා-තාක්ෂණ ක්ෂේත්‍රවල නියෝජනය, ආහාර අනාරක්ෂිතභාවය සහ දේශපාලන සමානාත්මතාවය වැනි අංශ තවමත් අවධානයට ගත යුතු බව ඇය සඳහන් කළා. අග්‍රාමාත්‍යවරිය, නායකත්ව කටයුතු හා තීරණ ගැනීමේදී කාන්තාවන්ගේ සහභාගීත්වය වැඩි කිරීම සහ කාන්තා සවිබල ගැන්වීම සඳහා ජාතික ප්‍රතිපත්ති සහ ක්‍රියාකාරී සැලසුම් (2023–2027) ක්‍රියාත්මක කිරීමේ කැපවීම තහවුරු කළා. සමාරම්භක උත්සවයෙන් පසු, ඇය ජනාධිපති Xi Jinping සහ ආර්යාව Peng Liyuan විසින් පවත්වන ලද නිල භෝජන සංග්‍රහයටද සහභාගී විය.