Connect with us

Local News

වත්මන් ශ්‍රී ලංකාව පිළිබඳ ජවිපෙන් සැර ප්‍රකාශයක්

Published

on

හැම ප්‍රශ්නයක්ම යට ගහන ගැටුමක් නැවත ඇති කරන්න ආණ්ඩුව උත්සාහ කරනවා…
ජනාධිපතිවරයාගේ මානසිකත්වය ඒක නම් අපේ රටේ නීතියට අබසරණයි.
ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රාරක ලේකම් විජිත හේරත් සහෝදරයා
බඩු මිල ඉහළ යාමෙන් ජනතාවට ජීවත් වෙන්න බැරිම තත්වයකට වියදම් වැඩිවෙලා, ඊට සාපේක්‍ෂව ආදායම් වැඩිවී නැහැ. ඒ වගේම ගෑස්, සිමෙන්ති, කිරිපිටි, සීනි, භූමිතෙල් හිඟයක් තිබෙනවා. මේ සියල්ලම ලබාගන්න පෝලිම්වල ඉන්න වෙලා. දැන් භූමිතෙල් පෝලිමකුත් තියෙනවා. ඒ වගේම පාලන මිල පාලනයෙන් ගිලිහිලා. හාල්, සිමෙන්ති, සීනි, කිරිපිටි ඇතුළු විවිධ භාණ්ඩවලට තිබුණු පාලන මිල අයින් කරලා. ආණ්ඩුවත් පාලනයෙන් අයින් වෙලා ඉන්නේ. මේ නිසා රටේ ජනතාව බරපතළ අර්බුද රැසක ගිළිලා.
විශේෂයෙන් සිමෙන්ති හිඟ වීමත් එක්ක අපේ රටේ ශ්‍රම බළකායෙන් 7%-10%ත් අතර පිරිසකට රැකියා අහිමිවෙලා. මේ නිසා මේසන් බාසුන්නැහේට වගේම අත් උදව්කරුවන් ඇතුළු බොහෝ දෙනෙකුට රැකියා අහිමි වී අසරණභාවයට පත්වී තිබෙනවා. මේ නිසා ඔවුන්ට තනි තනියෙන් මහ පාරේ උද්ඝෝෂණය කරන්න සිදුවෙලා. දරු පවුල් රකින්න කිසිම මාර්ගයක් නැහැ. බොහෝ තැන්වල සිමෙන්ති කොට්ටයක් දෙන්නේ වැලි, ගඩොල් ගත්තොත් විතරයි. එහෙම තියෙද්දිත් එකක් රු. 1500-1600 අතර වෙනවා. අනිකුත් ඉදිකිරීම් ද්‍රව්‍යවල මිල වේගයෙන් වැඩිවෙලා. රු. 95,000ට තිබුණු යකඩ කම්බි ටොන් එක රු. 210,000 දක්වා වැඩිවෙලා. රු. 2ට තිබුණු කොන්ක්‍රිට් ඇනය දැන් රු. 5යි. යම්කිසි ඇස්තමේන්තුවක් කරලා ඉදිකිරීම් කර්මාන්තයේ යෙදෙන්නේ කොහොමද? ඉදිකිරීම් කරන්න බැහැ. මේ ක්‍ෂේත්‍රයේ හැම පැත්තෙන්ම මිල වැඩිවෙලා; අර්බුදයට ලක්වෙලා.
ජනතාවගේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සම්බන්ධයෙන් කුප්‍රකට ජාවාරමක් තිබෙනවා. සීනි බදු වංචාවෙන් මාස 3කදී රු. කෝටි 1500ක් රජයට අහිමි වුණා. මේ තාක් සීනි ගෙන්වන්නේ ශත 25 බද්දට. මේ නිසා අද වෙනකොට රජයට වුණු පාඩුව රු. කෝටි 6,000ක් විතර වෙනවා. ආණ්ඩුව පාලනයෙන් අයින් වෙලා ඉන්නේ. මේ ප්‍රශ්නවලට ජනතාව උත්තර ගන්නේ කාගෙන්ද? හැමදේම අයාලේ යන තත්වයට පත්වෙලා තියෙන්නේ. සිමෙන්ති ආනයනකරුවන්ගෙන් 10%ක කොමිස් ඉල්ලන බව කවුරුත් දන්නවා. සමහර ඇමතිවරුන් විවෘතවම ආනයනකරුවන්ට කතා කරනවා. එක පැත්තකින් ඩොලර් අර්බුදය තිබෙන අතර අනෙක් පැත්තෙන් 10%ක කොමිස් දුන්නම තවත් මිල ඉහළ යනවා. සිමෙන්ති මිල ඉහළ යාමට ආණ්ඩුව විසින් ඇතිකළ ඩොලර් අර්බුදයත් කොමිස් අය කිරීමත් හේතුවී තිබෙනවා. මේ රට මේ තත්වය තුළ ආර්ථික වශයෙන් මහා අර්බුදයකට ඇවිත් තිබෙනවා. සාමාන්‍යයෙන් වාර්ෂිකව තිබුණු 4.8%ක උද්ධමනය පසුගිය ඔක්තෝබර් මාසයේ 7.6% දක්වා වේගයෙන් ඉහළ ගිහිල්ලා තිබුණා. මේ තත්වය පාලනය කරන්න මොළ හතේ විකෘති මිනිසාට හැකිවුණේ නැහැ.
මේ අතර ගොවි ජනතාව පොහොර සහ කෘෂි රසායන ද්‍රව්‍ය නැති ප්‍රශ්නයට මුහුණදීලා. ආණ්ඩුවේ ඔළමොට්ටල තීරණ නිසා මුළු රටේම ගොවි ජනතාව මහ පාරට ඇවිත් සිටටිනවා. කෘෂි නිෂ්පාදන කඩාවැටිලා දැවැන්ත සාගතයක ලකුණු පහළ වී තිබෙනවා. ගොවි ජනතාවගේ ප්‍රශ්නයට මැදිහත් නොවුණු බව අගමැතිවරයා සංවත්සරයේදී කිවුවා. අද වුණත් ප්‍රශ්නයට මැදිහත් වෙන්නේ නැහැ. අර්වීනියා හා බැසිලස් කියන බැක්ටීරියා අඩංගු හානිකර කුණු කන්දක් ගේන්න ආණ්ඩුව ක්‍රියා කළ නිසා මහජන බැංකුවට විශාල පාඩුවක් සිදුවෙනවා. ඒ නැව ලංකාවේ මුහුදු සීමාවේ නැංගුරම් ලා තියෙනවා. නමුත් ඇමතිවරු කියන්නේ රේඩාර් පද්ධතියට පෙන්වන්නේ නැහැ කියලයි. අපේ රටේ ජාතික ආරක්‍ෂාව කෝ? බලහත්කාරයෙන් ඇවිත් තියෙන නැවට කිසිදු පියවරක් ගන්නේ නැහැ. ඒ වගේම මහජන බැංකුවට මේ වෙනුවෙන් ඩොලර් මිලියන 09ක් ගෙවන්න සිදුවෙනවා. ඒ කියන්නේ රු. කෝටි 210ක්. මහජන බැංකුවේ සල්ලි මේ පොහොර ගෙනාවත් නැතත් ගෙවන්න සිදුවෙනවා. මහජන බැංකුවේ තියෙන්නේ මේ රටේ අහිංසක ජනතාවගේ සල්ලි. යූ.සී.ටී. 600 කියන ජාත්‍යන්තර නීතියට Uniform Custom and taxes) අනුව මේ සල්ලි ගෙවන්න බැඳිලා ඉන්නවා. මේක රාජ්‍යයන් දෙක අතර ගනුදෙනුවක් නොවන බව ජයසුන්දර මහත්තයා කියනවා. එහෙම නම් මොකටද තානාපති කාර්යාලය නිවේදන නිකුත් කරන්නේ? ඒ වගේම කෘෂිකර්ම ඇමතිවරයයි, රාජ්‍ය ඇමතිවරයයි තානාපති කාර්යාලයට ගිහින් කරුණු පැහැදිලි කරන්නේ ඇයි? ඒ වගේම මහජන බැංකුව චීන තානාපති කාර්යාලයට නිවේදනයකින් දැනුම් දෙන්නේ ඇයි?
චීනයේ කුණු පොහොර ගෙන ඒමට අපේ නිරෝධායන ඒකකයෙන් බාධා එනකොට ආණ්ඩුව ඊළඟට ගත්ත ඔළමොට්ටල තීන්දුව ඉන්දියාවෙන් නැනෝ පොහොර ගෙන්වන එකයි. පෞද්ගලික ගිණුම් මහජන බැංකුවේ විවෘත කර හදිසියේම කෝටි 29ක් දැම්මා. පහුගිය සිකුරාදා ඒ ගිණුම වහලා මහජන බැංකුවේ පොදු ගිණුමට දාලා ඒ හරහා ඉන්දියාවේ නැනෝ නයිට්‍රජන්වලට සල්ලි ගෙවනවා. කොමර්ෂල් පොහොර සමාගම එක්ක ඉන්දියාවේ සමාගම අත්සන් කරන ගිවිසුමක් අනුව මේ පොහොර ගේන බව කැබිනට් පත්‍රිකාවේ පැහැදිලිව තිබෙනවා. නැනෝ නයිට්‍රජන් ලීටර් ලක්‍ෂ 21ක් ඉන්දියාවෙන් ගෙන්වන්න ඩොලර් 529,125,00ක් ඒ කියන්නේ ආසන්න වශයෙන් රු කෝටි 1200ක් මේ වෙනුවෙන් වියදම් දරනවා. මේ සා විශාල මුදලක් අහිමි කර ගැනීමේ ගනුදෙනුව පිටුපස අයථා මූල්‍ය ගනුදෙනු සිදුවෙනවා. ඒ විතරක් නෙවෙයි රාජ්‍යතාන්ත්‍රික ගැටලුත් නිර්මාණය වෙලා තියෙනවා. චීනයත් ඉන්දියාවත් අතර බල අරගලය හමුවේ මේ රටවල් දෙකෙන් එකක් සමග කරන ආනයනයේදී චීනයේ පොහොර නැවැත්වීමෙන් චීනය රාජ්‍යතාන්ත්‍රික බලපෑමක් අපිට එල්ල කළා. තාම ඒ තර්ජනය අවසන් වුණේ නැහැ. එහෙම තියෙද්දී ඉන්දියාවෙන් පොහොර ආනයනයේදී සිදුවන බලපෑම ආණ්ඩුවට තේරෙන්න ඕනෑ. වැරදි තීන්දු නිසා ඇතිකරගන්න මේ තත්වයන් නිසා විශාල අර්බුදයකට රට මුහුණ දී තිබෙනවා. මේ වගේ තත්වයක් යටතේ අපේ රටේ ණය ගෙවීමේ හැකියාව තවත් පහත දැමීමට මූඩීස් ආයතනය ක්‍රියාකර තිබෙනවා.
රටේ හැම තැනම බඩුමිල පිළිබඳ, වැටුප් පිළිබඳ සහ පොහොර ඇතුළු අනෙකුත් ප්‍රශ්න පිළිබඳ උද්ඝෝෂණ තිබෙනවා. ඒ වගේම ජාතික සම්පත් විකිණීමට එරෙහිව මේ රටේ වෘත්තීය සමිති විරෝධතා දියත් කර තිබෙනවා. ජනතාවගේ ඇත්ත ප්‍රශ්න සියල්ල යට ගහන්න ආණ්ඩුවට ඕනෑ වෙලා තියෙනවා. මේ සියලු ප්‍රශ්න යට ගහන්න සුපුරුදු පරිදි කුමන්ත්‍රණකාරී දේශපාලන වුවමනාවන් ඉස්සරහට ගෙනත් තිබෙනවා. 2019 සිදුකළ කුමන්ත්‍රණකාරී දේශපාලනය නැවත වටයකින් කරළියට ගේන්න කටයුතු කර තිබෙනවා. හිටි හැටියේ එක රටක්, එක නීතියක් හදන කාර්යසාධක බළකායක් පිහිටුවන්නේ මේ නිසා. මේ පාලකයන්ගේ වැරදි ක්‍රමවේද නිසා පොඩි මිනිසාට එක නීතියකුත් බල පුළුවන්කාරයාට තව නීතියකුත් ක්‍රියාත්මක කරනවා. ජාති, ආගම්, කුල භේද අනුව තව පැත්තකින් වෙනස් විදිහට සලකනවා. නීතියේ ආධිපත්‍යය බිඳවැටෙමින් පවතිනවා. රට තුළ නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීම වගකිව යුතු ආණ්ඩුවක ප්‍රධාන කාර්යභාරයක්.
සියලු පුරවැසියන්ගේ අයිතිවාසිකම් ආරක්‍ෂා කිරීම සම්බන්ධයෙන් ඉතා පැහැදිලිව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා තිබෙනවා. එක රටක්-එක නීතියක් සටන් පාඨය ඉස්සරහට ගෙනාවේ මේ අනුව. හැම දෙනාටම සමානව නීතිය ක්‍රියාත්මක කරන බව කීවා. නමුත් අද වෙනකොට දවස ගානේ නඩුවලින් කම්බා හොරුන්, මිනීමරුවන් නිදහස් වෙනවා. මොහාන් පීරිස් නීතිපතිවරයාගේ කාලයේ නඩු ඉල්ලා අස්කර ගත්තා වගේ අදත් සිදුකරවා. රජයේ නීතිඥයා විදිහට කටයුතු කරන නීතිපතිවරයා අදාළ සියලු සාක්‍ෂි ඇතුළත් ලිපිගොනු තිබියදී නඩු ඉල්ලා අස්කර ගන්වා. චෝදනා ඔප්පු කරන්න බැරුව නිදහස් වෙනවා නෙවෙයි. පිල්ලෙයාන් නිදහස් වුණෙත් එහෙම. රට තුළ නීතියේ ආධිපත්‍යය, අධිකරණයේ ස්වාධීනත්වය පවත්වාගෙන යන්න නිශ්චිත විධිවිධාන තියෙනවා. නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව, අධිකරණ අමාත්‍යාංශය වගේම පාර්ලිමේන්තුවත් තිබෙනවා. රටේ නීති සම්පාදනය කරන්නේ පාර්ලිමේන්තුව. ඒ සම්පූර්ණ ක්‍රියාවලිය බැහැර කරලා ජනාධිපතිවරයා කාර්යසාධක බලකායක් පිහිටුවන්නේ නැවත ප්‍රශ්න ඇතිකරන්න. මේ පත්කිරීම්වලම තියෙන්නේ නීතිය හෑල්ලුවට පත්කිරීම. මේ කාර්ය සාධක බලකායෙත් සියලුම කොටස් නියෝජනය වෙන්නේ නැහැ. 52%ක් වූ කාන්තාවන් නියෝජනය කරන්නේ නැහැ. ගලගොඩඅත්තේ ඥානසාර හාමුරුවන්ට හාමුදුරුවන් වහන්සේ නමක් හැටියට අපේ ගෞරවය තිබෙනවා. ප්‍රශ්නය තිබෙන්නේ මේ කාර්ය සාධක බලකායේ සභාපති ධුරයට උන් වහන්සේ පත්කරන ජනාධිපතිවරයාගේ. ඇත්තටම ඔහුගේ මොළය පරීක්‍ෂා කරන්න ඕනෑ. ජනාධිපතිවරයාගේ මානසිකත්වය ඒක නම් අපේ රටේ නීතියට අබ සරණයි.
ජනාධිපතිවරයා විදිහට කල්පනා කරන්න ඕනෑ, මෙහෙම පත්කිරීම් ගැනද? මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා මේ හාමුදුරුවන් වහන්සේගේ සිර දඬුවමින් මුදා හැරියා. ඒ හාමුදුරුවන් වහන්සේම නීති සම්බන්ධයෙන් ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති හැටියට පත් කරනවා. මේ පත්කිරීමම බරපතළ ගැටලුවක්. මේ දවස්වල සිදුවීම් එක්ක බලනකොට පාස්කු ප්‍රහාරයේ සැබෑ වගකිවයුත්තන්ට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ පිළිබඳව විවේචනය කළාම සිරිල් ගාමිණී පියතුමාව රහස් පොලීසියේ ප්‍රශ්න කිරීම්වලට ලක් කරනවා. මේ පියතුමාම අත්අඩංගුවට ගැනීමෙන් වළක්වන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබෙනවා. දැන් මේ ආණ්ඩුව හදන්නේ රටේ ජනතාවගේ ඇත්ත ප්‍රශ්න යට ගහන්න ජාතිවාදය ඉස්සරහට දාලා නැවත ගැටුමක් ඇති කරන්නයි. කතෝලික-බෞද්ධ ගැටුමක් හෝ බෞද්ධ ඉස්ලාම් ගැටුමක් ඇති කරන්න ලැහැස්ති වෙනවා. සිරිල් ගාමිණී පියතුමාව යම් හෙයකින් අත්අඩංගුවට ගත්තොත් කතෝලික ජනතාව ඊට විරුද්ධව පාරට බහිනවා. ඒ අනුව ක්‍රමානුකූලව ගැටුමක් ඇති කරන්න උත්සාහ කරනවා. සිරිල් ගාමිණී පියතුමාව අත්අඩංගුවට ගන්න උත්සාහ කරන අතර ඥානසාර හාමුදුරුවෝ කාර්යසාධක බලකායේ සභාපති හැටියට පත් කරනවා. අනාගතයේ වෙනත් ගැටුම් නිර්මාණය කරන්න ආණ්ඩුව බීජ වපුරනවා. ජන මනස අවුල් කරලා සමාජය නැවත ජාතිවාදී, ආගම්වාදී බෙදීම්වලට ලක්කරන්න උත්සාහ කරනවා.
සංවත්සර තියලා පෙන්වන සංදර්ශනවලින් ජනතාවගේ ඇත්ත ප්‍රශ්නය යටගහන්න බැහැ. ජනතාව මේ වනවිට පීඩා විඳින ප්‍රශ්න කිසිවකට සංදර්ශනවලින් උත්තර නැහැ. ඒ නිසා වෙනත් කුමන්ත්‍රණ ගේන්න, ජනතාව අතර ගැටුම් ඇති කරන්න ආණ්ඩුව උත්සාහ කරනවා. ඒ නිසා අපි ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මේ ජාතිවාදී උගුල්වල ගොදුරු බවට පත් නොවන ලෙසයි. ඔබේ ඇත්ත ප්‍රශ්නවලට විසඳුම් ලබාගැනීම සඳහා දැනුවත්ව පෙරට එන්න. මේ ජනතා ද්‍රෝහී ආණ්ඩුවට එරෙහිව පෙළගැහෙන්න. මේ ආණ්ඩුවෙන් ඔබේ ඇත්ත ප්‍රශ්නවලට විසඳුම් ලැබෙන්නේ නැහැ. ඒ නිසා ආණ්ඩුවට එරෙහිව පෙළ ගැහෙන්න කියලා අපි සියලු ජනතාවට ආරාධනා කරනවා.

මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්…
ද්විත්ව පුරවැසියන් පාර්ලිමේන්තුව නියෝජනය කිරීමේ අවස්ථාව 20වැනි සංශෝධනයෙන් ලබාදී තිබෙනවා. මේ අවස්ථාව දී තිබෙන්නේ ඇමරිකන් පුරවැසියා පාර්ලිමේන්තුවට ගෙන එන්න කියලා අපි පැහැදිලිව කිවුවා. අද කතා කරන මහත්තුරුන් එදා ඇමරිකන් පුරවැසියා පාර්ලිමේන්තුවට ගේන්න උදව් දුන්නා. ඒ වගේම ඔහුට මුදල් ඇමතිකම ලබාදෙන්නත් සහයෝගය දුන්නා. මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් උසාවිවල නඩු කියන පුද්ගලයෙකුට මුදල් ඇමතිකම ලබා දෙන්නත් ඔය අය සහයෝගය දුන්නා. කෙරවලපිටිය බලාගාරය ඇමරිකාවට නොව ඇමරිකානු සමාගමකට දෙන බව කීවා. එහෙම කියපු මහත්තුරුන්ට ඉතිහාසයේ සරදමක් හැටියට අද ඊට මුහුණ දෙන්න සිද්ධ වී තිබෙනවා. මේ කරන්නේ තක්කඩිකමක්. ඇමරිකානු පුරවැසියා මුදල් ඇමති කරන්න සියලුම පසුබිම නිර්මාණය කරලා අද අපේ බලශක්තිය ඇමරිකාවට ලබාදීම සම්බන්ධයෙන් විරුද්ධ වෙනවා. මෙතන තිබෙන්නේ නාට්‍යයක්.
අපේ රටේ සම්පත් විකිණීමට එරෙහිව වරාය, ඛනිජ තෙල්, විදුලිය වෘත්තීය සමිති සන්ධානය විරෝධතා දියත් කර තිබෙනවා. ඒ සන්ධානය විවිධ දේශපාලන පක්‍ෂ එක්ක සාකච්ඡා කරමින් දැනුවත් කිරීම් කරනවා. එහි කිසිදු වැරැද්දක් අපි දකින්නේ නැහැ. වෘත්තීය සමිතිවල දැනුවත් කිරීම සහ රටේ ජනතාවගෙන් ඇතිවූ විරෝධය හමුවේ තමන්ගේ ඇමතිකමත් රැකගෙන ජනතාවගේ විරෝධය සමනයට පත් කරන්න උපක්‍රම තෝරනවා. තමන් ඉන්න නැව ගිලෙන බව තේරෙනකොට එයින් පැන ගන්න ක්‍රමයක් හොයනවා. පරණ හොරකම්වලට අදාළ නඩු, ෆයිල් තියෙනවා. ඒ නිසා පනින්නත් බැහැ. හැබැයි පනින්න වගේ පෙන්වනවා. ඇත්තටම මේක නාට්‍යයක්. අවංකව කරනවා නම් වෘත්තීය සමිතිවලින් ගිහින් දැනුවත් කරනකම් ඉන්න ඕනෑ නැහැ. කැබිනට් පත්‍රිකාව දැම්ම මුල් දවසේම විරුද්ධව නැගී සිටින්න ඕනෑ. රටේ ජනතාව දැනුවත් කරලා වෘත්තීය සමිති ඉස්සරහට යනකොට තමයි මේ අය නාට්‍යය පටන් ගත්තේ.

මාධ්‍ය ඒකකය
ජනතා විමුක්ති පෙරමුණ

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Local News

ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය අත්තනායක එම්. හේරත් මහතා අභාවප්‍රාප්ත වෙයි…

Published

on

By

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය අත්තනායක එම්. හේරත් මහතාගේ අභාවය සම්බන්ධයෙන් වාර්තා වේ. සිංහල අධ්‍යයන අංශයට සුවිශේෂී දායකත්වයක් ලබාදුන් ඔහු, මිය යන විට වියත් වූයේ වසර 73කි.

අසනීප තත්ත්වයක් හේතුවෙන් පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුරදී අභාවප්‍රාප්තවී ඇති බව වාර්තා වේ.

මෙම අවාසියි තත්ත්වය සැලකිල්ලට ගනිමින්, ශ්‍රී ලාංකික අධ්‍යාපන ක්ෂේත්‍රයෙහි සම්මානනීය ආචාර්යයෙකුගේ අහිමිවීම විශාල අලාභයක් ලෙස සැලකිය හැකිය.

Continue Reading

Local News

“බදු ශක්ති” නමින් විශේෂ බදු සතියක් – ජනතාවට දැනුවත් වීමට අවස්ථාවක්

Published

on

By

“බදු ශක්ති” නමින් බදු සතියක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇති බව ජනාධිපති අතිරේක ලේකම් යූ.ඩී.එන්. ජයවීර මහතා අද (29) පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළාය.

මෙම බදු සතිය ජූනි මස 02 සිට 07 දක්වා ක්‍රියාත්මක වන අතර එහි අරමුණ වන්නේ බදු ගෙවීම් සම්බන්ධයෙන් ජනතාව අතර දැනුවත්කම වර්ධනය කිරීම බවත්, බදු ක්‍රියාවලියට ජනසහාභාගිත්වය උසස් කිරීම බවත් ඔහු පැවසීය.

“දැනටමත් මිලියන 10කට වැඩි පිරිසකට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් ටින් (TIN) අංක නිකුත් කරලා තියෙනවා. ඒත් ඒවා ලබාදී ඇත්තේ විවිධ ආදායම් මූලාශ්‍ර මගින් ලබාගත් තොරතුරු මතයි. ඒ නිසා ඔබ වෙනුවෙන්ද මේ වන විට ටින් අංකයක් නිකුත් වෙලා තිබෙන්න පුළුවන්,” යැයි ජයවීර මහතා පැවසීය.

ඔහු පැවසුවේ, පරිශීලකයින්ට තමාගේ ජාතික හැඳුනුම්පත් අංකය භාවිතයෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය හරහා පරීක්ෂා කළ හැකි බවත්, ඇතැම් අය සඳහා ඔවුන් නොදැනුවත්වම ටින් අංක නිකුත් වී ඇති හැකියාවක් ඇති බවත්ය.

“එකපාරම දෙපාර්තමේන්තුවට යන්නත් අවශ්‍ය නැහැ. වෙබ් අඩවියට ගිහිල්ලා පරීක්ෂා කරලා තියෙනවද කියලා බලන්න. තියෙනවා නම් මුද්‍රිත පිටපතක්ත් ගන්න පුළුවන්,” යැයිද ඔහු අවධාරණය කළාය.

Continue Reading

Local News

ශ්‍රී ලංකා කාන්තා ධාවන කණ්ඩායමට 400×4 ඉසව්වෙන් ලෝකඩ පදක්කමක්

Published

on

By

26වැනි ආසියානු මලල ක්‍රීඩා උළෙලේ කාන්තා 400×4 මීටර් සහය දිවීමේ අවසන් තරගය අභියස ශ්‍රී ලංකා කණ්ඩායම අද (29) ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් තරගයට සහභාගි වුයේ නදීෂා රාමනායක, සයුරි මෙන්ඩිස්, ජයේෂි උත්තරා සහ නිෂේන්ද්‍රා ප්‍රනාන්දු යන ක්‍රීඩිකාවන්ය. තරගය ආරම්භයේ සිටම දැඩි තරඟයක නිරත වූ ඔවුන් පළමු යෂ්ටිය හුවමාරුවෙන් පසු සිව්වැනි ස්ථානයේ සිටිණි.

කෙසේ වෙතත් දෙවන සහ තුන්වන යෂ්ටි හුවමාරු අවසන් වන විට ශ්‍රී ලංකා කණ්ඩායම තෙවන ස්ථානය තැන්පත් කරගෙන තිබුණා. අවසන් වටය සඳහා සහභාගී වූ නිෂේන්ද්‍රා ප්‍රනාන්දු වරෙක පෙරමුණට පසුවුණද, අවසන් මීටර් 200දී ශ්‍රී ලංකාවෙන් රන් පදක්කම අහිමි විය.

එහෙත් තෙවන ස්ථානය ලබා ගනිමින් තරගය නිම කළ ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝකඩ පදක්කම හිමි විය. ඔවුන්ගේ නිමාවූ කාලය වූයේ විනාඩි 3යි තත්පර 36යි දශම 67ක් වේ.

මෙය ශ්‍රී ලංකාවට මෙම ක්‍රීඩා උළෙලේදි ලැබුණු තුන්වන ලෝකඩ පදක්කම වන අතර, එම ඉසව්වේ රන් පදක්කම දිනාගත්තේ ඉන්දියාවය. රිදි පදක්කම ලබා ගත්තේ වියට්නාමය.

Continue Reading

ප්‍රවණතාවන්