83 views 0 secs 0 comments

ඉහල පුටි වල මාරු වීම් සමබ්න්ධයෙන් පොලිස් මූලස්ථානයෙන් විශේෂ දැනුම්දීමක්….

In Local News
March 24, 2025

රාජ්‍ය නිවේදිත නිලධාරීන්ගේ ස්ථාන මාරුකිරීම් හා පත්කිරීම් සම්බන්ධව පොලිස් මූලස්ථානයෙන් විශේෂ දැනුම්දීමක් කර තිබේ.

ඒ අනුව මහනුවර හා මාතලේ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති (රා/ඉ) ඩී. එම්. යූ. එම්. දිසානායක මහතා විශේෂ ආරක්ෂක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ රාජකාරි ඉටුකිරීම සඳහා මාරුකර ඇති අතර මඩකලපුව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති (රා/ඉ) ඩබ්. ඒ. ජේ. විශාන්ත මහතා අගමැති ආරක්ෂක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ රාජකාරි ඉටුකිරීම සඳහා මාරුකර තිබේ.

ජාතික පොලිස් කොමිෂන් සභාවේ තීරණය පරිදි සහ මැතිවරණ කොමිෂන් සභාවේ එකඟතාවය මත රාජ්‍ය නිවේදිත නිලධාරීන් වෙත වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම ස්ථානමාරුවීම් ලබා දී ඇති අතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරු දෙදෙනෙකුට රාජකාරී ඉටුකිරීම සඳහා නව පත්කිරීම් සිදුකර තිබේ.