132 views 4 secs 0 comments

”චිකුන්ගුන්යා” රෝගය ව්‍යාප්තියෙ වර්ධනයක්…

In Local News
March 24, 2025

වසර කිහිපයකට පසු කොළඹ සහ කෝට්ටේ ප්‍රදේශවල ”චිකුන්ගුන්යා” රෝගය ව්‍යාප්තිය වැඩි වශයෙන් වාර්තා වෙමින් පවතින බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

”චිකුන්ගුන්යා” රෝගය මේ වනවිට හඳුනාගෙන ඇත්තේ, අප්‍රිකාව, අමෙරිකාව, යුරෝපය හා ආසියානු මහද්වීපවල මෙන්ම පැසිෆික් හා ඉන්දියානු සාගරවල පිහිටි දූපත්වල පැතිරෙන රෝගී තත්ත්වයක් ලෙස වන අතර මදුරුවන් බෝවන ස්ථාන හැකි පමණින් විනාශ කිරීම මගින් පමණක් ”චිකුන්ගුන්යා” රෝගය ව්‍යාප්තිය පාලනය කරගත හැකි බවයි වෛද්‍යවරු පවසන්නේ.

”චිකුන්ගුන්යා” වෛරසය ආසාදිත මදුරුවකුගේ දෂ්ටණය මඟින් මිනිසුන්ට රෝගය පැතිරෙන අතර රෝගය වැළඳුණු සංචාරකයින්ගෙන්, බලපෑමට ලක්නොවූ ප්‍රදේශවලට ද රෝගය පැතිරීම සිදු වීම්ට ඉඩ කඩ පවතී.