Connect with us

Local News

පොතුහැර – රඹුක්කන අධිවේගී මාර්ගය කඩිනමින් අවසන් කිරීමට පියවර…

Published

on

අද (23) සවස ප්‍රවාහන , මහාමාර්ග , වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා සහ ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා,
කඩිනමින් ඉදි වන
පොතුහැර – රඹුක්කන අධිවේගී මාර්ගය නිරීක්ෂණය කරන්නට සහභාගී වූහ.

මෙහි දී පොතුහැර රඹුක්කන කොටස 2026 වසර අවසානයේ නිමකිරීමට බලාපොරොත්තු වෙන බව අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටි අතර මේ සංවර්ධන ව්‍යාපෘතිය මගින් ප්‍රදේශවාසි ජනතාවට සිදුවන අපහසුතා අවම කිරීමට කටයුතු කරන ලෙස ඉදිකිරීම් සමාගම් වලට සහ මාර්ග සංවර්ධන අධිකාරියට (RDA) උපදෙස් ලබාදුනි.

එසේම ඉදිකිරීම් සමාගම්වල සේවකයින්ගේ සුභසාධනයට කටයුතු කරන ලෙස ද උදෙස් දුන් බිමල් රත්නායන ආමාත්‍යවරයා මෙවර ජා.ජ.බ. මංගල අයවැය සම්මත විමත් සමඟ සියලුම සංවර්ධන කටයුතු නඩිනම් කෙරෙමින් යන බව පැවසී ය.
මේ අවස්ථාවට මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් සහ නලධාරීහු ද ව්‍යාපෘති ඉංජිනේරුවරු ද සහභාගී වූහ.

Local News

සිරි දළදා වන්දනා කාලය පැයකින් දීර්ඝ කෙරේ…

Published

on

By

සිරි දළදා වන්දනාව සඳහා සැදැහැවතුන්ට ලබාදුන් කාලය පැයකින් දීර්ඝ කර තිබේ.
ඒ අනුව අද සිට ලබන 27 වැනිදා දක්වා සෑම දිනකම පෙරවරු 11 සිට පස්වරු 5.30 දක්වා දළඳා වන්දාවට අවස්ථාව හිමිවනු ඇති අතර සිරි දළඳා වන්දනාව සඳහා මේ වන විටත් දිවයිනේ නන් දෙසින් ජනතාව මහනුවරට පැමිණෙමින් සිටී.

Continue Reading

Local News

නොරොච්චෝලේ විදුලි බලාගාරය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මකයි…

Published

on

By

අවුරුදු සමයේ බලශක්ති ඉල්ලුම අඩුවීම හේතුවෙන් අක්‍රීය කර තිබූ නොරොච්චෝලේ විදුලි බලාගාරයේ ජනන යන්ත්‍රයක් අද (21) උදෑසන 11.00ට නැවත ක්‍රියාත්මක කළ බව ලංකා විදුලිබල මණ්ඩලය නිවේදනය කළේය.

වර්තමානයේ ඉහළ වාත්තු ඉල්ලුම සලකා බලා බලාගාරයේ ඒකක තුනම ක්‍රියාත්මක බවද සඳහන් වේ.

Continue Reading

Local News

සිරි දළදා වන්දනාව හේතුවෙන් මහනුවර පාසල් කිහිපයකට අද සිට විශේෂ නිවාඩු…

Published

on

By

සිරි දළදා වන්දනාව හේතුවෙන් මහනුවර නගර සීමාවට ආසන්නව පිහිටි පාසල් කිහිපයකට අද (21) සිට අප්‍රේල් 25 වැනිදා දක්වා විශේෂ නිවාඩු ලබාදී ඇති බව මධ්‍යම පළාත් අධ්‍යාපන කාර්යාලය සඳහන් කළේය.

අවශ්‍යතා මත මෙම නිවාඩු කාලය දිගු කළ හැකි අතර, එවිට පාසල් තවදුරටත් වසා තබා ගැනීමට කටයුතු කරන බවද සඳහන් වේ.

මෙම පාසල් වෙන් කර ඇත්තේ මහනුවර ආරක්ෂාවට යොදවන පොලීසිය සහ ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට නවාතැන් ලබා දීම සඳහාය.

එසේම, දළදා වන්දනාව සදහා පැමිණෙන ආබාධිත සහ වැඩිහිටි පුද්ගලයින්ට නවාතැන් පහසුකම් සලසන කටයුතු සඳහාද මෙම පාසල් භාවිතා කරන බව අදාළ ආයතන පවසයි.

Continue Reading

ප්‍රවණතාවන්