2024 අංක 44 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතට අනුව මූල්‍ය ක්‍රමෝපාය ප්‍රකාශය ඉදිරිපත් කිරීම සඳහා පාර්ලිමේන්තුව 2025 ජුනි 30 වනදා විශේෂව රැස්වීමට නියමිතය.
මෙම රැස්වීම පෙරවරු 9.30ට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.
මූල්‍ය ක්‍රමෝපාය ප්‍රකාශය වර්ෂයෙහි ජුනි 30 හෝ ඊට පෙර ඉදිරිපත් කළ යුතුයැයි පනතේ 11 වගන්තිය සඳහන් කර ඇති අතර එය ඉටු කිරීම සඳහා මෙම රැස්වීම කැඳවනු ලැබී ඇත.
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 16 ප්‍රකාරයෙන් අග්‍රාමාත්‍යවරිය විසින් කළ ඉල්ලීමකට අනුව පාර්ලිමේන්තුව කැඳවනු ලැබූ බව පාර්ලිමේන්තු මහලේකම් කුෂාණි රෝහණදීර මහත්මිය සඳහන් කළාය.
එදින සභාව කල්තැබීමේ විවාදය පස්වරු 4.30 දක්වා පැවැත්වීමටද නියමිතය.
පාර්ලිමේන්තුව යළි ජූලි 8, 9 සහ 11 යන දිනවලදී රැස්වීමට නියමිතය.
