119 views 1 sec 0 comments

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය COL රැස්වීමට සහභාගීව කැනඩාවට

In World News
June 26, 2025

ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය, නිළ සංචාරයකට එක්වීමේදී 2025 ජුනි 24 වනදා කැනඩාවේ වැන්කුවර් නුවරදී පැවැත්වූ පොදුරාජ්‍ය මණ්ඩලීය ඉගෙනුම් (COL) පාලක මණ්ඩල රැස්වීමට සහභාගී විය.

ඔටාවා හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ සහ බ්‍රිටිෂ් කොලොම්බියා ප්‍රාන්තයේ රාජ්‍ය නියෝජිතයින්ගේ සහ COL නිලධාරීන්ගේ උණුසුම් පිළිගැනීමක් අග්‍රාමාත්‍යවරියට හිමි විය.

එමෙන්ම, සරේ නගරයේ පැවති “ආචාර්ය හරිනි අමරසූරිය සමඟ සන්ධ්‍යාවක්” ලෙසින් නම් වූ විශේෂ හමුවකටද ඇය සහභාගී විය. මෙය කැනඩාවේ පදිංචි ශ්‍රී ලාංකික ජනතාවට අග්‍රාමාත්‍යවරිය සමඟ සෘජුව අදහස් හුවමාරු කරගැනීමේ විශේෂ අවස්ථාවක් විය.

මෙම සංචාරය ශ්‍රී ලංකාව සහ කැනඩාවේ ශ්‍රී ලාංකික ප්‍රජාව අතර සබඳතා වර්ධනයට ද පදනමක් විය.