94 views 0 secs 0 comments

ඊශ්‍රායලය ප්‍රහාර කළහොත් දැඩි ප්‍රතිචාරයක් – ඉරාන තානාපති

In World News
June 26, 2025

ඉරානය සටන් විරාමය පිළිගෙන ඇති නමුත්, ඊශ්‍රායලය තම රටට ප්‍රහාරයක් එල්ල කළහොත් ඉතා දැඩි ලෙස ප්‍රතිචාර දැක්වීමට සිදු වන බව ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති අලිරේසා දෙල්කොෂ් මහතා පවසයි.

අද (26) පැවති මාධ්‍ය හමුවකදී තානාපතිවරයා ප්‍රකාශ කළේ, ඉරානය කිසිදු පක්ෂයකට යටත් නොවන රටක් බවත්, තමන්ගේ න්‍යෂ්ටික තාක්ෂණික හැකියාව කිසිවෙකුට සොරාගත නොහැකි බවත්ය.

මේ අතර, ‘ඉරාන – ඊශ්‍රායල’ සටන් විරාමය අතරතුර යළි ගැටුම් ඇතිවිය හැකි බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා විසින් මතභේදාත්මක ප්‍රකාශයක් සිදුකර ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.