60 views 0 secs 0 comments

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය – නව සභාපති සහ ලේකම් පත්කිරීම

In Local News
June 29, 2025

2025 වසර සඳහා පැවති රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වාර්ෂික නිලවරණයෙදී වෛද්‍ය සංජීව තෙන්නකෝන් මහතා නැවතත් සභාපති ලෙස තේරී පත් විය.

එමෙන්ම වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතාද යළි සංගමයේ ලේකම් ලෙස පත්වුණි.

මෙම නිලවරණය 2025 ජුනි 28 දා පැවැත්වූ අතර, ඡන්ද 60%කට වඩා වැඩි ප්‍රතිශතයක් ලබාගෙන ඔවුන් ජයග්‍රහණය කළේය.

මෙවර මැතිවරණයේදී සංජීව-ප්‍රභාත් පාර්ශ්වයෙත්, දර්ශන සිරිසේන සහ හරිත අලුත්ගේ නියෝජනය කළ තරඟකාරී පාර්ශ්වයෙත් අතර දැඩි තරඟයක් දක්නට ලැබුණි.

අවසානයේදී, සංජීව තෙන්නකෝන් සහ ප්‍රභාත් සුගතදාස පාර්ශ්වය ආයතනික බලය තහවුරු කර ගන්නට සමත් විය.