60 views 0 secs 0 comments

ජුනි වැටුප නොලැබුණහොත් වෘත්තිය ක්‍රියාමාර්ග – ගුරු සංගමය අනතුරු අඟවයි…

In Local News
June 23, 2025

ජාතික පාසල්වල ගුරුවරුන්ගේ ජුනි මාසයට අදාළ වැටුප අද (23) දහවල් 12ට පෙර නොලැබුණහොත් වෘත්තිය ක්‍රියාමාර්ගයකට යොමු වන බව සමස්ත ලංකා එක්සත් ගුරු සංගමය අනතුරු අඟවයි.

එහි සභාපති පූජ්‍ය යල්වෙල පඤ්ඤාසේකර හිමි පැවසුවේ, සාමාන්‍යයෙන් සෑම මසකම 20 වැනිදා වැටුප් ගෙවීම සිදු වුවද, ජුනි මාසය සඳහා වැටුප මෙතෙක් ලැබී නැති බවයි.

ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතාද මේ පිළිබඳව අදහස් දක්වමින් සඳහන් කළේ, පසුගිය මාසයේද වැටුප් ලබාදීම ප්‍රමාද වූ අතර එයට හේතුව සොයා බලිය යුතු බවයි.

“මේ 20 වෙනිදා වැටුප් ගෙවීමට අදාළ බැංකුවලට අවශ්‍ය උපදෙස් ලබාදීලා නෑ. ගුරුවරුන්ගේ වැටුප් ගෙවන්නේ කලාප අධ්‍යාපන කාර්යාල හරහා. ඒ සඳහා අවශ්‍ය උපදෙස් ලැබී නෑ. සියලුදෙනා ඉන්නේ වැටුප බලාගෙන. මේක නොලැබුණේ ඇයි කියලා හොයලා බලන්න ඕනේ,” යැයි ඔහු අවධාරණය කළේය.