තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය පවසන්නේ, තැපැල් සේවකයින් ආරම්භ කළ අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගය අද (20) දිනත්, යන අයුරින් තෙවන දිනටත් ක්‍රියාත්මක වන බවයි.
සංගමේ සභාපති ජී.ජී.සී. නිරෝෂණ මහතා සඳහන් කළේ, අමාත්‍යවරයා සමඟ විධිමත් සාකච්ඡාවක් ලබාදෙන ලෙස ඉල්ලා මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය පැවැත්වෙන බවයි.
ඇඟිලි සලකුණු කිරීමේ යන්ත්‍රය ප්‍රතික්ශේෂ කිරීමේ චෝදනා සම්පූර්ණයෙන්ම අසත්‍ය බවද ඔහු තවදුරටත් පෙන්වා දුන්නා.
නමුත් නියෝජ්‍ය තැපැල්පති චමීශා ද සිල්වා මහත්මිය සඳහන් කළේ, වර්ජනයට ප්‍රධාන හේතුව ඇඟිලි සලකුණු කිරීමේ යන්ත්‍රය ක්‍රියාත්මක කිරීම බවයි.
