44 views 0 secs 0 comments

ලුණු මිල අඩු කෙරේ

In Local News
August 20, 2025

ලංකා ලුණු සමාගමේ සභාපති ඩී. නන්දනතිලක මහතා සඳහන් කළේ, 400 ග්‍රෑම් අයඩින් මිශ්‍ර ලුණු කුඩු පැකට්ටුවක මිල රු.120 සිට රු.100 දක්වා අඩු කළ බවයි.

තවද 1 කිලෝග්‍රෑම් කැට ලුණු පැකට්ටුවක මිල රු.180 සිට රු.150 දක්වා අඩු කර තිබේ.

සතොස අලෙවි සැල් හරහා 400 ග්‍රෑම් ලුණු පැකට්ටුවක් රු.90 කටත් 1 කිලෝග්‍රෑම් කැට ලුණු පැකට්ටුවක් රු.140 කටත් ලබාගත හැකි බවද සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියා.