Connect with us

Local News

ජනතාවට ගුණාත්මක හා ප්‍රමාණවත් ආහාරවේලක් සාධාරණ මිලට ලබාගැනීට අවස්ථාවක්..

Published

on

ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය, සෞඛ්‍ය අමාත්‍යාංශය හා කෘෂිකර්ම අමාත්‍යාංශය එක්වී දැනට ආපනශාලා පවත්වාගෙන යන ව්‍යාපාරිකයන්ගේද සහාය ලබාගනිමින් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට නියමිත අතර එහි පළමු ආදර්ශ ආපන ශාලාව අප්‍රේල් 01 වනදා නාරාහේන්පිටදී විවෘත කිරීමට නියමිතය.

මේ අතර දැනට පවත්වාගෙන යන ආපනශාලාවල ප්‍රමිතිය ඉහළ නැංවීමේ වැඩසටහනක් මෙහි දෙවන අදියර ලෙස ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබේ.

මේ පිළිබඳ මූලික සාකච්ඡාවක් ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය, සෞඛ්‍ය අමාත්‍යාංශය හා කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් අද (27) ජනාධිපති කාර්යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

ජනතාවට සෞඛ්‍යාරක්ෂිත ආහාර වේලක් ලබා ගැනීමට ඇති අයිතිය තහවුරු කිරීම පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු අතර පාරිභෝගික ජනතාවට නිසි සෞඛ්‍ය ප්‍රමිතීන්ට අනුකූල ආහාර ලබා ගැනීම සඳහා අවශ්‍ය පරිසරය නිර්මාණය කිරීම, පාරිභෝගික විශ්වාසය වර්ධනය කිරීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග මෙන්ම ඒ සඳහා රාජ්‍ය සහ පෞද්ගලික අංශවල දායකත්වය ලබා ගැනීම පිළිබඳවද සාකච්ඡා කෙරිණි.

එමෙන්ම ආහාර ප්‍රමිතිකරණය සහ ගුණාත්මකභාවය සඳහා මෙරට තිබෙන ප්‍රතිපත්ති සහ සැලසුම් ප්‍රායෝගික ලෙස යෙදවීම මෙන්ම පාරිභෝගික ජනතාවට පෝෂ්‍යදායී සහ සෞඛ්‍යාරක්ෂිත ආහාර වේලක් සැපයීම පිළිබඳ වෙළෙඳ ප්‍රජාව තුළ ආකල්පමය පරිවර්තනයක් ඇති කිරීම සඳහා “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන හරහා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳවද මෙහිදී විමසා ලබා තිබේ.

ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කපිල බණ්ඩාර, ජනාධිපති අතිරේක ලේකම් එස්.පී.සී. සුගීෂ්වර යන මහත්වරුද, ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය, සෞඛ්‍ය අමාත්‍යාංශය හා කෘෂිකර්ම අමාත්‍යාංශය නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක්ද මෙම අවස්ථාවට එක්විය.

Local News

නව පොලිස් මාධ්‍ය ප්‍රකාශක තනතුරට සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර් මහතා පත් කෙරේ…

Published

on

By

ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය අනුව, රාජ්‍ය සේවා කොමිෂන් සභා රීති 258 ඓඓ යටතේ වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහ මාධ්‍ය ප්‍රකාශක ලෙස පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර් මහතා පත් කර ඇත.

2024 දෙසැම්බර් 16 සිට මේ දක්වා පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහ අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.බී. මනතුංග මහතා නම්, නවතම පත්කිරීමක් යටතේ පොලොන්නරුව කොට්ඨාස භාර නිලධාරී ලෙස යළි පත් කර ඇත.

Continue Reading

Local News

“සෑම පුරවැසියකුටම තම භාෂාවෙන් මූලික අවශ්‍යතා ඉටුකර ගැනීමේ හැකියාව සලසාදීම රජයේ වගකීමක්” – අමාත්‍ය මුනීර් මුලෆ්ෆර්

Published

on

By

“සෑම පුරවැසියකුටම තම භාෂාවෙන් මූලික අවශ්‍යතා ඉටුකර ගැනීමේ හැකියාව සලසාදීම රජයේ වගකීමක්” බව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලෆ්ෆර් මහතා ප්‍රකාශ කළාය.

ඔහු මෙම අදහස පළ කළේ අද (30) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්ය. එය රාජ්‍ය භාෂා දිනය සහ එයට අදාළ වැඩසටහන් පිළිබඳව මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ උත්සවයකි.

ජූලි 01 සිට 07 දක්වා රාජ්‍ය භාෂා සතියක් ප්‍රකාශයට පත්කර ඇති අතර, එය මුලතිව් දිස්ත්‍රික්කය මූලික කරගෙන ක්‍රියාත්මක කෙරෙන බවත්, ජාතික සමගිය පදනම් කර ගනිමින් රට ඉදිරියට ගෙන යාමට රජය කටයුතු කරන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේය.

Continue Reading

Local News

නිහාල් පී ජයතුංගයන්ගේ අලුත්ම නවකතාව සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමතිට පිළිගන්වයි..

Published

on

By

නවකතා, නව නිර්මාණ හා ශාස්ත්‍රීය ග්‍රන්ථ ඇතුළු ප්‍රකාශන 37 ක් රචනා කර ඇති නිහාල් පී ජයතුංගයන්ගේ අලුත්ම නවකතාව “අරගලයේ අතුරු කථාවක්’’ පසුගිය දා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාට කතුවරයා විසින් සෞඛ්‍ය අමාත්‍යංශයේ දී පිළිගන්වනු ලැබීය.

පසුගිය අරගල සමයේ, අතුරු සිදුවීමක් නිර්මාණශීලීව ප්‍රතිනිර්මාණය කරමින් සජීවීකරණයට පත් කිරීමට කතුවරයා මෙම නිර්මාණය තුළ වෙහෙස දරා ඇත. කල්පිත නිර්මාණයක් ලෙසින් කතුවරයා විසින් ම හඳුන්වා දෙන මෙම නිර්මාණයේ දී අරගලකරුවන්ට අරගල භූමියේ දී ඖෂධ ලබාදුන් වෛද්‍යවරයෙක් සහ සහායකයින් තිදෙනෙකු ත්‍රස්ත විරෝධී පනත යටතේ අත්අඩංගුවට ගෙන මාස හයකට අධික කාලයක් රඳවා තබා ගැනීම, එහි දී අනේක විධ දුක් ගැහැට ඔවුන්ට විදීමට සිදුවීම ආදී අතිශය සංවේදී සහ අනුවේදනීය සිදුවීම් මාලාවක් මෙම නවකතාවට පාදක වී ඇත.

නිහාල් පී ජයතුංගයන්ගේ නවකතා කිහිපයක් ඉංශ්‍රීසි සහ දෙමළ භාෂාවන් ට ද පරිවර්තනය කර ඇති අතර, සිනමා නිර්මාණ කිහිපයක් සඳහා ද පාදක වී ඇත.

Continue Reading

ප්‍රවණතාවන්