96 views 1 sec 0 comments

නව විදේශ තානාපතිවරු කිහිප දෙනෙක් ජනපති වෙත සිය අක්ත පත්‍ර භාර දෙයි…

In Local News
March 24, 2025

ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි විදේශ තානාපතිවරු තිදෙනෙක් අද (24) ජනාධිපති කාර්යාලයේදි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සිය අක්තපත්‍ර භාර දී තිබේ. ඒ ප්‍රංශය, පලස්තීනය හා නේපාලය යන රටවල් වෙනුවෙනි.

ඒ අනුව,
ප්‍රංශ තානාපතිවරයා ලෙස රෙමි ලැම්බර්ට් මහතා (Mර්. ර්‍එමි ළම්බෙර්ට්)
පලස්තීන තානාපතිවරයා ලෙස ඉහාබ් අයි.එම්.කලීල් මහතා (Mර්.ඓහබ් ඓ.M. ඛ්හලිල්)
නේපාල තානාපතිවරයා ලෙස ආචාර්ය පූර්ණ බහදූර් නේපාලි මහතා (ඪ්‍ර. ඵුර්න ඹහඩුර් ණෙපලී පත්ව ඇති අතර විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් , ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක යන මහත්වරුද මෙම අවස්ථාවට එක්ව සිටි බව ජනාධිපති මාධ්‍ය අංශය කළ නිවේදනයේ සඳහන් වේ.