කැනඩාවේ හදිසි පාර්ලිමේන්තු මැතිවරණයක් කැදවීමට අග්‍රාමාත්‍ය මාර්ක් කානි පියවර ගෙන තිබේ. මෙලෙස හදිසි මැතිවරණයක් කැඳවීමේ අරමුණ
ලෙස කැනේඩියානු අග්‍රාමාත්‍යවරයා පෙන්වා දී සිටියේ, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අහිතකර බදු ප්‍රතිපත්ති මඟින් එල්ල වන බලපෑම්වලට මුහුණ දීම සඳහා ශක්තිමත් පාර්ලිමේන්තුවක් ගොඩනැගීම බවයි.
අග්‍රාමාත්‍ය ධූරයට පත්වී සති 02කටත් අඩු කාලයක් තුළ මෙලෙස පාර්ලිමේන්තුව විසුරවා මහ මැතිවරණයක් කැඳවීමට කැනේඩියානු අග්‍රාමාත්‍ය මාර්ක් කානි පියවර ගැනීම විශේෂත්වයක් වන අතර ඒ අනුව අප්‍රේල් මස 28 වන දින පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන බව අග්‍රාමාත්‍යවරයා නිවේදනය කර ඇත.
ඒ අනුව සභිකයින් 343දෙනෙකු තෝරා ගැනීම වෙනුවෙන් අප්‍රේල් 28 වනදා පැවැත්වෙන මැතිවරණයේදී ආසන 172ක් ජයග්‍රහණය කරන පක්ෂයට පාලන බලය හිමිවනු ඇත.
