
චිප් සහිත රියදුරු බලපත්‍රය වෙනුවට QR කේතයක් සහිත ඩිජිටල් රියදුරු බලපත්‍රයක් නිකුත් කිරීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙනවා. අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් වන අදාළ තොරතුරු තාක්ෂණික අංශවල හා වෙනත් විද්වත් කමිටුවලට යොමුකර අදාළ ක්‍රියාත්මක කිරීමේ දී ඇති විය හැකි තත්ත්වයන් පිළිබඳ පුළුල් අධ්‍යයනයක් සිදු කර නවීන ඩිජිටල් තාක්ෂණයෙන් යුත් රියදුරු බලපත්‍රයක් නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවයි.