68 views 0 secs 0 comments

කඳුනැගීමේ ශූර යොහාන් පීරිස් දිවයිනට…

In Local News
February 24, 2025

ශ්‍රී ලාංකික කඳුනැගීමේ ශූර යොහාන් පීරිස්, ඇන්ටාටිකාවේ වින්සන්ට් කඳු මුදුන තරණය කිරීමෙන් අනතුරුව අද (24) අලුයම කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණියා.

ඔහු මෙවර ඇන්ටාටිකාවේ වින්සන්ට් කඳු මුදුන සහ දකුණු අමෙරිකාවේ , ආජෙන්ටිනාවේ ඇකන්කගුවා කඳු මුදුන තරණය කිරීමෙන් අනතුරුව මෙලෙස පැමිණ තිබුණ.

යොහාන් පීරිස් මේ වනවිට ආසියා මහාද්වීපයේ එවරස්ට්, අප්‍රිකානු මහාද්වීපයේ කිලිමැන්ජාරෝ , ඔස්ට්‍රේලියා මහාද්වීපයේ කොසිඩස්කෝ, යුරෝපා මහාද්වීපයේ එල්බ්‍රෙස් , ඇන්ටාටිකා මහාද්වීපයේ වින්සන්ට් සහ දකුණු අමෙරිකාවේ ඇකන්කගුවා යන කඳු සාර්ථකව තරණය කිරීමට සමත් වී තිබේ.