93 views 0 secs 0 comments

පොල් වතුහිමියන්ට පොහොර සහනාධාරය ලබා දීමට කටයුතු කරනවා – වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යවරයා.

In Uncategorized
March 24, 2025

මේ මස අවසානයේ සිට පොල් වතුහිමියන්ට පොහොර සහනාධාරය ලබා දීමට කටයුතු කරන බව වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසයි. මේ සඳහා රුපියල් මිලියන 5,600ක් යොදවා ඇති අතර අක්කර පහට අඩු පොල් ගොවීන්ට එම පොහොර සහනාධාරය ලබාදීමට සැලසුම් කර ඇති බව සඳහන්ය.

පොහොර සහනාධාරය ලබාදීම සඳහා පොහොර මෙට්‍රික් ටොන් 56,700ක් රජය සතුව පවතින බව අමාත්‍යවරයා කියා සිටියේය.