170 views 0 secs 0 comments

අජිත් නිවාඩ් කබ්රාල්ගේ විදෙස් ගමන් තහනම දීර්ඝ කෙරේ…

In Uncategorized
July 25, 2022

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් වෙත පනවා තිබෙන විදේශ ගමන් තහනම ඔක්තෝබර් මස විසි හය වනදා තෙක් දීර්ඝ කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

දකුණු පළාත් හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් ඉදිරිපත් කර තිබූ පුද්ගලික පැමිණිල්ලක් අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම නියෝගය ලබා දුන්නා.