165 views 0 secs 0 comments

ඉදිරි මාස 12 තුළත් ඉන්ධන ආනයනය සීමා වෙයි – ඇමති කංචන විජේසේකර

In Local News
July 25, 2022

විදේශ විනිමය අර්බුදය හේතුවෙන් ඉදිරි මාස 12ක කාලය තුළ ද ඉන්ධන ආනයනය සීමාවන බව
විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද(25) පස්වරුවේ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියා.

ඛනිජ තෙල් සංස්ථාව සෑම පිරවුම්හලකටම දිනපතා ඉන්ධන බෙදාහැරීම සිදුකර නැතැයි පෙන්වා දෙන අමාත්‍යවරයා, තොග ලැබුණත් එය ප්‍රායෝගික නොවන බව ද සඳහන් කරයි.

එමෙන්ම විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය නිවේදනය කළේ, අගෝස්තු මස 01 දින දක්වා අංක ක්‍රමයට ඉන්ධන ලබාගත හැකි අතර ඉන් පසුව ඉන්ධන ලබා දෙන්නේ ජාතික ඉන්ධන අවසරපතට පමණක් බවය.

ඛනිජ තෙල් සංස්ථාව සතු පිරවුම්හල් මෙන්ම ලංකා ඓOC පිරවුම්හල් ජාලය මගින් මේ වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවීමට අපේක්ෂා කරන බව පවසන අමාත්‍යාංශය ඒ සඳහා අනුගත වන ලෙස සියලුම ඉන්ධනහල්වලින් ඉල්ලා සිටී.