180 views 0 secs 0 comments

ගරු ජීවන්ත පියතුමා ඇතුළු ක්‍රියාකාරීන් හය දෙනෙකුට විදෙස් ගමන් තහනමක්

In Local News
July 25, 2022

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ, ලහිරු වීරසේකර, වෘත්තීය සමිති නායක ජෝසප් ස්ටාලින්, එරංග ගුණසේකර, ගරු ජීවන්ත පීරිස්
පියතුමා ඇතුළු පිරිස සදහා විදෙස් ගත වීම වළක්වාලමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (25) නියෝගයක් නිකුත් කළේය. පසුගියදා පොලිස් මූලස්ථානය ඉදිරිපිට පැවති නීතිවිරෝධී රැස්වීමක ඔවුන් සාමාජිකයින් ලෙස කටයුතු කර පොදු දේපළවලට අලාභහානි සිදුකිරීමේ සිද්ධියක් උපුටා දක්වමින් මෙම නියෝගය කර ඇත.
කොළඹ අපරාධ කොට්ඨාශය විසින් කරන ලද ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් මෙම නියෝගය කරනු ලැබීය.