ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජපාන විදේශ අමාත්‍ය යෝකෝ කමිකවා (Yōko Kamikawa) මහත්මිය අතර නිල හමුව අද (4) ජනාධිපති කාර්යාලයේදී සිදුවිය. එහිදී දැනට ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය, ආර්ථිකය යථා තත්ත්වයට පත්කිරීමේ උත්සාහයන් මෙන්ම ජපානය විසින් ශ්‍රී ලංකාවේ සිදුකිරීමට නියමිත අනාගත ආයෝජන ව්‍යාපෘති පිළිබඳ සාකච්ඡාවට ලක්විය.


