135 views 0 secs 0 comments

අවාරයේ ශ්‍රී පාද වන්දනාව විදේශිකයන්ට පමණයි…

In Local News
May 04, 2024

මෙම මස 24වන දිනෙන් පසු ශ්‍රී පාද වන්දනා වාරය අවසාන වන අතර, අවාරයේ ශ්‍රී පාදය කරුණා කිරීම දේශීය සංචාරකයින්ට සීමා කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව ශ්‍රී පාදස්ථානයට ඇතුළුවීමට ඇති කිසිඳු මාර්ගයකින් දේශීය සංචාරකයින්ට ඇතුළුවීම තහනම් කෙරෙනු ඇති අතර ඉදිරි කටයුතු සිදුකෙරෙන ආකාරය පිළිබඳව රාජ්‍ය නිලධාරීන් දැනුම්වත් කිරීම සඳහා විශේෂ සාකච්ඡාවක් ශ්‍රී පාදස්ථානාධිපති පූජ්‍ය බෙන්ගමුවේ ධම්මදින්න නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (3) නල්ලතන්නිය ග්‍රාමසේවා කාර්යාලයේදී පැවැත්වුණි.

එහිදී අවාරයේ ශ්‍රී පාදස්ථානය වෙත පැමිණීමට විදේශිකයන්ට පමණක් අවසර ලබා දීමට තීරණය කර තිබේ.