213 views 0 secs 0 comments

ජූලි මස ලැබීමට නියමිත ෆයිසර් එන්නත් තොගය….

In Local News
June 23, 2021

ජූලි මස තුනවන සතිය වන විට ෆයිසර් එන්නත් මාත්‍රා 78,000ක් මෙරටට ලැබීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි. එම එන්නත් තොගය සතියකට මාත්‍රා 26,000 බැගින් සති තුනක් තුළ මෙරටට ගෙන්වීමට නියමිතය.

මේ අතර කොවිඩ් මර්දනය සඳහා මෙරට තුළ ක්‍රියාත්මක එන්නත්කරණ වැඩසටහනට අනුව ඊයේ (22) දිනයේදි එන්නත් මාත්‍රා 20,816 ක් ලබා දී තිබේ.

මෙරට එන්නත්කරණ කටයුතු සිදුකර ඇති සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 3,345,165 ක් බව වසංගත රෝග විද්‍යා අංශය වැඩිදුරටත් සඳහන් කළේය.