
2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ නැවත සමීක්ෂණ අයදුම්පත් කැඳවීම ඔන්ලයින් ක්‍රමයට පමණක් සිදුකරන බව විභාග දෙපාර්තමේන්තුව දැනුම්දෙයි. ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට පිවිස (ව්ව්ව්.ඩෝනෙට්ස්.ල්ක්) ඒ සඳහා ඉල්ලුම් කළ හැකි අතර ජංගම දුරකථන සඳහා ඇති විශේෂ ඇප් එක හරහාත් ඒ සඳහා ඉල්ලුම් කිරීමට හැකියාව පවතී..
අද (24) දිනයේ සිට ලබන මස 10වන දින දක්වා අයදුම්පත් භාර ගැනීම සිදුකරන බවත්, පාසල් අයදුම්කරුවන්ගේ අයදුම්පත් සඳහා විදුහල්පතිවරයාගේ නිර්දේශය අවශ්‍ය නොවන බවත් විභාග කොමසාරිස් ජනරාල් සනත් ජූජිත මහතා සඳහන් කළේ ය.