179 views 0 secs 0 comments

ඉල්ලීම් නොලැබුනොත් වර්ජනයත් නොනවතියි…

In Local News
November 25, 2021

රජයේ හෙද නිලධාරින්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පවසා සිටියේ ඉදිරි දින 6 තුළදී සිය ඉල්ලීම් ඉටුකිරීමට රජය අපොහොසත් වන්නේ නම් සිය වර්ජනය අඛණ්ඩව සිදුකරන බවයි.

සෞඛ්‍ය සේවයේ උසස්වීම් විෂමතා ගැටලු, සෞඛ්‍ය පරිපාලන සේවාවක් ඇති කිරීම සහ හෙද උපාධිධාරීන්ගේ වැටුප් කප්පාදු ඇතුළු ගැටලු කිහිපයක් මුල් කරගනිමින් හෙද පරිපූරක හා අතුරු වෛද්‍ය සේවා ඇතුළු සෞඛ්‍ය වෘත්තීය සමිති 16ක් ඊයේ (24) පෙරවරු 7සිට ආරම්භ කළ වර්ජනය අද (25) දෙවන දිනටත් ක්‍රියාත්මක විය.

වර්ජනය හේතුවෙන් රෝහල්වල නේවාසික හා බාහිර රෝගී ප්‍රතිකාර සේවාවලට අදත් බලපෑම් රැසක් එල්ල වී තිබුණි.