
ඉදිරි සති කිහිපය ඇතුළත ඉහළ ගොස් ඇති කුකුළු මස් මිල පහත යනු ඇති බව සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමය පවසනවා.
කෙසේ වුවද සීත කළ කුකුළු මස් මිල ඉහළ දමා නොමැති බවත්,මාළු මිල ඉහළ යාම හේතුවෙන් පසුගිය සති කිහිපය තුළ කුකුළු මස් සඳහා විශාල ඉල්ලුමක් පැවති අතර, ඒ හේතුවෙන් මෙලෙස මිල ඉහළ ගොස් ඇති බවත් එහි සභාපති අජිත් ගුණසේකර සඳහන් කර සිටියා.